Migrant Sri lankans to free motherland with Anura රට බේරා ගැනීමට සංක්‍රමණික ප්‍රජාව



මෙය ලියන මා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්  නුවර පදිංචි අසූ දෙහැවිරිදි ආචාර්ය නිමල් සේදර යි.
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා සංක්‍රමණික ප්‍රජාව තම තමන්ගේ රටවල් වල සිට අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය සඳහා ඇප කැපවීමෙන් කටයුතු කළේ මව්බිමේ පවතින දුර්දාන්ත පාලනය කෙළවර කිරීම සඳහාය.
එහි ප්‍රථම පියවර ජයග්‍රාහකව නිමකළෙමු. පරාජිත කොටස පරාජයෙන් ප්‍රථම දිනයේ සිටම නැවතත් බලයට පැමිණීමට රොද බඳින අයුරු
විද්‍යාමානය. සුපිරි ආරම්භයක් ජාතික ජන බලවේගය ගැනීම නිසා පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද අපි ජයග්‍රහණය කරන බව මම විශ්වාස කරමි.

ණය බරින් මිදීම
එසේ ජයග්‍රහණය කළ විට රජයට මුහුණපාන්නට සිදුවන ප්‍රධානම ප්‍රශ්නය ණය ගැනීමේ කටයුත්තත් සමග සංවර්ධන කටයුතු කිරීමයි.
සංක්‍රමණික ප්‍රජාව ජීවත්වන රටවල ශ්‍රී ලංකාවට සාපේක්ෂකව මුදල්වල වටිනාකම බෙහෙවින් ඉහළය. ශ්‍රී ලාංකික ප්‍රජාව ඉසුරුමත් රටවල වෘත්තීමය සුදුසුකම් අනුව රැකියාව ලබා ගැනීමෙන් සහ වෙනත් ව්‍යාපාරික කටයුතුවල නිරතවීමෙන් පහසුවෙන් ජීවත්වෙන පරිසරයක වාසය කරති.
වර්තමානයේ පවතින ප්‍රවණතාවය අනුව මව්බිමේ යහපත් පාලනයක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටින මෙම සංක්‍රමණික ප්‍රජාව ජාතික ජනබල වේගය මහ මැතිවරණයෙන් පසු ස්ථාවර මේ ජයග්‍රහණයක් ලදහොත්  රට වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමට නිසැකයෙන්ම ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වනු ඇත.

ණය බරෙන් නිදහස් වීමේ අරමුදලක් පිහිටවීම

සංක්‍රමණික ජනතාවට මෙසේ දායකවීමට හැකි වැඩපිළිවෙලක් මහා බැංකුවල හරහා ආරම්භ කොට ජාතික ජන බලවේගයට දායක වීමට කැමති වූ සහ සෙසු සංක්‍රමණිකයන්ගේ සුවපහසුව පරිදි  මෙම ගිණුමට වාරික තැන්පත් කිරීමේ ක්‍රමයක් සම්පාදනය කළහොත් අනිවාර්යෙන්ම රටට බරක් වී ඇති ණය මුදලින් විශාල සහනයක් ලබා ගැනීමට අවස්ථාව උදාවෙනු නිසැකය.
මැතිවරණ ජයග්‍රහණයට දායක වූ සංක්‍රමණික ප්‍රජාවගේ අනුග්‍රහයෙන් සහනායකත්වයෙන්
සංක්‍රමණික පවුලකින් මසකට ඩොලර් පනහක සිට තමන් කැමති උපරිමය දක්වා දායක වීමේ සැලැස්මක් දැන්ම සකස් කළොත් මේ වාරික ගෙවීමට සිදුවන අවස්ථාව වන විට ණය වාරික ගෙවීමට අවශ්‍ය මුදලට වැඩි මුදලක් එම ගිණුමෙහි ඉතුරු වීම නිශ්චිත බව මගේ උපකල්පිත සංඛ්‍යා ලේඛන අනුව පෙනේ. පක්ෂයේ ජයග්‍රහණය සඳහා එංගලන්තේ ශ්‍රී ලාංකිකයෙක් පවුම් මිලියනයක් අනුර කුමාර දිසානායක මහතාට පරිත්‍යාග කිරීමට සූදානම් වීම මගේ මතකයට එයි
රට කෙරෙහි ආදරයකින් කෙරෙන මෙම යෝජනාව කෙරෙහි ඔබතුමන්ලාගේ අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කරන අතර මේ පිළිබඳව මා විසින් ඉදිරිපත් කර ඇති වීඩියෝ පටයක්ද මෙයට සම්බන්ධ කර ඉදිරිපත් කරමි.
මේ ජාතික ජන බලවේගයේ අවධානයට යොමු වූ බව දැනගැනීමට කැමැත්තෙමි.
මාතෘ භූමියට ජය ප්‍රාර්ථනා කරන
නිමල් සේදර
මගේ ජංගම දුරකථනය 61424771664

Previous Post Next Post